ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර 41 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර 41 වන සංවත්සරය 2023 නොවැම්බර් 09 වන දින සමරනු ලැබීය. වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඒආර්ටී මුණසිංහ නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව සංවත්සර සැමරුම් කටයුතු ආරම්භ කරන ලදී. මූලික දින සැමරුම් උත්සවයට පෙර, 2023 ඔක්තෝබර් 24 වන දින 4 කණුව විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක්, 2023 නොවැම්බර් 06 වන දින මූලික රෝහල් පරිශ්‍රයේ ලේ දන්දීමේ වැඩසටහනක් සහ 2023 නොවැම්බර් 07 සහ 08 යන දෙදින අනුරාධපුර "සතුටු" ළමා නිවාසයේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

සැමරුම් උත්සවයට සමගාමීව "සතුටු" ළමා නිවාස පරිශ්‍රයේ දී දන්ත සායනයක්, ළමා නිවාස ගොඩනැගිලි, වැසිකිලි සහ වටපිටාව පිරිසිදු කර තීන්ත ආලේපකිරීම, ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම වැනි ශ්‍රමදාන වැඩසටහන් රැසක් සහ දානමය පිංකමක් සිදු කරන ලදී.

තවද,  සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින්, සිවිල් කාර්යමණඩලය එක්ව සිදුකල ක්‍රීඩා ක්‍රියාකාරකම් සිදුකරන ලද අතර අනතුරුව   දිවා භෝජන සංග්‍රහයකින් දින සැමරුම අවසන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.