අංක 172 නිත්‍ය ගුවන් භට, අංක 42 නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව සහ අංක. 40 සෘජු ප්‍රවේශ ගුවන් භට මූලික සටන් පාඨමාලා විසිරයාමේ පෙළපාලිය

අංක 172 නිත්‍ය ගුවන් භට, අංක 42 නිත්‍ය ගුවන් කාන්තා සහ අංක 40 සෘජු ප්‍රවේශ ගුවන් භට මූලික සටන් පාඨමාලා සඳහා විසිර යාමේ පෙළපාලිය 2023 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු පාසල් තුනක එනම් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය, ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව සහ ගුවන් හමුදා අම්පාර යන කඳවුරුවලදී පවත්වන ලදී.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චීන වරාය කදවුරේ පෙළපාලිය අංක 01 පියාසර පුහුණු පක්ෂාංග පරිශ්‍රයේ දී පවත්වන ලදී. බදවාගැනීමේ පුහුණු භාර නිලධාරී ෆ්ලයිට් ලෙෆටිනන්ට් පැතුම් බණ්ඩාර පෙළපාලියට අණ දෙන ලදී. ඊට සමගාමීව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රියංකර ජයකොඩි සහ අම්පාර ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ විසින් අනෙක් පෙළපාලි සදහා අණ දෙන ලදී.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ, ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන සහ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ යන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. ඔවුන් පිළිවෙලින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ, අම්පාර ගුවන් හමුදා කඳවුරේ සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය. ඒ ඒ පුහුණු කදවුරුවල අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිළයින් සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල ආරාධිතයින්, නවක ගුවන් භටයන්ගේ සහ ගුවන් කාන්තාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. මෙම සුවිශේෂී දිනයේදී ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 717 දෙනෙක් අදාළ පාඨමාලා නිම කරමින් විසිර ගියහ.
 
Combat Training School Diyatalawa

Academy China Bay

Station Ampara

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.