අන්තර් ඒකක පිහිනුම් සහ ජල ක්‍රීඩා ශූරතාවලිය - 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කරන ලද 51 වැනි අන්තර් ඒකක පිහිනුම් සහ 20 වැනි ජල ක්‍රීඩා ශූරතාවලිය 2023 නොවැම්බර් 13 වන දින සිට 15 වන දින දක්වා රත්මලාන ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. අන්තර් ඒකක පිහිනුම් සහ ජල ක්‍රීඩා තරඟවල අවසන් තරඟ 2023 නොවැම්බර් 15  පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩොර් දේශප්‍රිය සිල්වා, ගුවන් හමුදා රත්මල්න කඳවුරු අණදෙන නිලධාරී, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

ප්රතිඵල සාරාංශය

පිහිනුම්
නවක කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරිය – කාන්තා
නායක ගුවන් කාන්තා පෙරේරා පී.එච් - ගුවන් හමුදා කොළඹ කඳවුර

නවක කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරයා – පිරිමි
පයිලටි ඔෆිසර් ජේ.එම්.ජේ.ඩී ජයසුන්දර - ගුවන් හමුදා රත්මලාන කඳවුර

ශූරතා කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරිය – කාන්තා
ස්කොඩ්‍රන් ලීඩර් යටවර - කොළඹ ගුවන් හමුදා කඳවුර

ශූරතා කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරයා - පිරිමි
කෝප්‍රල් චන්ද්‍රරත්න  - ගුවන් හමුදා කදවුර චීනවරාය විද්‍යාපීඨය

ජල ක්‍රීඩා
අන්තර් ඒකක සමස්ත ජල ක්‍රීඩා ශූරතාවය
පිරිමි - ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර
කාන්තා - ගුවන් හමුදා අනුරාධපුර කඳවුර

අන්තර් ඒකක සමස්ත වෝටර් පෝලෝ අනුශූරතාවය
පිරිමි - කොළඹ ගුවන් හමුදා කඳවුර
කාන්තා - කොළඹ ගුවන් හමුදා කඳවුර

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.