අන්තර් ඒකක චෙස් ශූරතාවලිය 2023

අන්තර් ඒකක චෙස් ශූරතාවලිය 2023 නොවැම්බර් 15 වන දින සිට 17 වන දින දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. අවසන් තරග සහ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර මහතාගේ සහභාගී විය.

කණ්ඩායම් 12 ක අයත් ක්‍රීඩකයින් 100 කට ආසන්න පිරිසක් මෙවර තරඟාවලියට සහභාගී වූ අතර ශ්‍රී ලංකා චෙස් සම්මේලන  විසින් විනිශ්චය කරන ලදී. විවෘත Blitz 3+2 තරඟාවලිය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ක්‍රීඩකයින් 38 දෙනෙකු සහභාගී විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර පිරිමි අංශයේ ශූරතාවයට හිමිකම් කියන අතර ගුවන් හමුදා රත්මලාන කඳවුර අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරේ කෝප්‍රල් වීරසූරිය සමස්ත ශූරතාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා මෙන්ම Blitz ශූරයා ලෙස සම්මාන හිමිකරගත්හ.

අවසන් තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ, ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල් අණදෙන නිලධාරී, ගුවන් හමුදා චෙස් සංචිත සභාපති, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

හොඳම පුවරු ත්‍යාග
සිකොඩ්‍රන් ලීඩර් රූපසිංහ - කටුනායක ගුවන් හමුදා කඳවුර
සැරයන් රුවන් කුමාර - කටුනායක ගුවන් හමුදා කඳවුර
කෝප්‍රල් පුෂ්ප කුමාර - ගුවන් හමුදා රත්මලාන කඳවුර
කෝප්‍රල් වීරසූරිය - කොළඹ ගුවන් හමුදා කඳවුර
නායක ගුවන් භට හේරත් - ගුවන් හමුදා රත්මලාන කඳවුර

කණ්ඩායම් ජයග්‍රාහකයින්
3 වන ස්ථානය - තාක්ෂණ අංශය ගුවන් හමුදා රත්මලාන කඳවුර
සැරයන් විජේරත්න ජී.ඩබ්ලිව්.ආර්.ඩී
කෝප්‍රල් පුෂ්ප කුමාර එස්.ඒ.ඩී
කෝප්‍රල් ඒකනායක ඩී.එම්
කෝප්‍රල් ප්‍රසන්න එම්.ජී.එස්
නායක ගුවන් භට හේරත්

දෙවන ස්ථානය - රත්මලාන ගුවන් හමුදා කඳවුර
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒ.අයි නිලංග
ෆ්ලයින් ඔෆිසර් පෙරේරා
බළපංති සැරයන් ශ්‍රීරවර්ධන කේ.එම්.එන්.එම්
කෝප්‍රල් දනානන්දන එච්.ඒ.ටී.ජේ
සැරයන් ජිනේන්ද්‍ර එච්.ජී.සී

කණ්ඩායම් ශූරතාවය - කොළඹ ගුවන් හමුදා කඳවුර
සැරයන් ඉසෙරා
සැරයන් ශ්‍රීවර්ධන ජී.ආර්
සැරයන් මදුරාව
කෝප්‍රල් වීරසූරිය කේ.ටී.සී
නායක ගුවන් භට බණ්ඩාර එච්.එම්.කේ.ටී

Blitz ශූරයා සහ දක්‍ෂතම ක්‍රීඩකයා
කෝප්‍රල් වීරසූරිය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.