ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර 34 වැනි සංවත්සරය සමරයි

අම්පාර ගුවන් හමුදා කඳවුර සිය 34 වන සංවත්සරය 2023 නොවැම්බර් 25 වන දින සමරනු ලැබීය. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් කඳවුරේ සියලුම නිළධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති ආචාර පෙළපාලියකින් අනතුරුව දින සැමරුම ආරම්භ විය.  

සංවත්සර උත්සවයට සමගාමීව 2023 නොවැම්බර් 23 වැනි දින ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන ලද අතර එම පින්කම සඳහා සියලුම පිරිස් දායක වූහ. තවද අරන්තලාව විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදී.

සියලුම සේවා නිලධාරීන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ අභ්‍යාසලාභීන්ගේ සහභාගීත්වයෙන් කදවුරු ක්‍රීඩා පිටියේ පැවති ක්‍රිකට් තරඟාවලියකින් සංවත්සර සැමරුම අවසන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.