අංක 49 රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ටික‍්පු,රණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය 4 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 49 රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ටික,පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ 4 වන සංවත්සරය 2023 නොවැම්බර් 27 වන දින සමරන ලදී.

සාම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර, අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් එන්.පී.පෙරේරා විසින් එය සමාලෝචනය කරන ලද අතර, අනතුරුව පක්ෂාංගයේ සියලුම නිලයන් ඇමතීම සිදු කරන ලදී. රසායනික,ජීව විද්‍යාත්මක,න්‍යෂ්ටික,පුපුරණ ද්‍රව්‍ය පළමු ප්‍රතිචාර දැක්වූවන්ගේ නොපසුබස්නා උත්සාහය අණදෙන නිළධාරීතුමන් විසින් පක්ෂාංගයෙ හි සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම සහ ලබාදුන් දායකත්වය වෙනුවෙන් කෘතවේදය පුදකර සිටින ලදී.

පසුව, Cඹ්ර්‍ණ්E පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර එකමුතුකම වැඩි දියුණු කිරීම සඳහා වැඩමුළුවක් පවත්වන ලදී. දක්ෂිණ ගුවන් ආඥාපති සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එස්ඩිඡිඑම් සිල්වා නිළධාරීතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.