අන්තර් ඒකක කායවර්ධන සහ ශාරීරික ශූරතාවලිය - 2023

අන්තර් ඒකක කායවර්ධන සහ ශාරීරික ශූරතාවලිය 2023 නොවැම්බර් 29 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් උත්සවය අවසන් වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් ආරක්ෂක අධ්‍යක්ෂ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් දේශප්‍රිය සිල්වා මහතා සහභාගී විය.

මෙම තරගය ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් විනිශ්චය කරන ලදී. ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර ශූරතාවය දිනාගැනීමට සමත්ව අතර ගුවන් හමුදා රත්මලාන කඳවුර අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

සමස්ත ශූරතාව සඳහා වන "Mr. Air Force"  යන ගෞරව නාමය කොළඹ ගුවන් හමුදා කඳවුරේ බළපංති සැරයන් නාරම්පනාව වෙත පිරිනමන ලදී.

අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් උදිත පියසේන, ගුවන් හමුදා කායවර්ධන සභාපති ගෲප් කැප්ටන් සංජය විතාන, ගුවන් හමුදා ලේකම් කායවර්ධන විංග් කමාන්ඩර් චමිල් හෙට්ටිආරච්චි, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.