ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 17 ශිෂ්‍ය නිලධාරී පාඨමාලාවේ අමුත්තන්ගේ දේශනය සිදුකරයි.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ නිළධාරීතුමන්ගේ ආරාධනයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 දෙසැම්බර් 05 වන දින පාඨමාලා අංක 17 හි ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී.  

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ හි පාඨමාලා අංක 17 සදහා යුද හමුදා සාමාඡිකයින් 72 ක්, නාවික හමුදා සාමාඡිකයින් 26 ක්, ගුවන් හමුදා සාමාඡිකයින් 24 ක් සහ පොලිස් එක් සාමාඡියෙකු සහ, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය, එක්සත් ජනපදය සහ සැම්බියාව වැනි රටවල විදේශ නිලධාරීන් 25 දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 148 දෙනෙකුගෙන් සමන්විත විය.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර "සමකාලීන ගෝලීය ආරක්ෂක භූ දර්ශනය" යන මාතෘකාව කේන්ද්‍ර කර ගනිමින් ගුවන් හමුදාපතිතුමන් විසින් හරවත් දේශනයක් සිදු කරන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක් සිදුකල එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා විෂයයේ අර්ථය, සිදුවීමට පසුබිම් වූ හේතු, සහ ජාතික ආරක්‍ෂාවේ පැතිකඩයන් ගවේෂණය කර එහි ඉදිරි මාවත අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශකවරුන්, අධ්‍යයන හා අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලය සහ පාඨමාලා අංක 17 හි ශිෂ්‍ය නිලධාරීන් සහභාගි වු අතර මෙම අවස්ථාවෙහි වැදගත්කම අවධාරණය කරමින් ගුවන් හමුදාපතිතුමන් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.