ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 දෙසැම්බර් 05 වන දින කදවුරු මූලස්ථානයේදී පැවැත්වුනු අතර. එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එස්පිවිකේ සේනාධීර නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී. නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් දේශීය පුහුණුවක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇත.





