අපරාජිත ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා ආරාධිත ප්‍රධාන සමාජ ක්‍රිකට් තරඟාවලිය - 2023 ශුරතාවය දිනා ගනියි

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, 2023 කාන්තා ආරාධිත ප්‍රධාන සමාජ ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගත්තේ ඊයේ (2023 දෙසැම්බර් 08) කොළඹ BRC පිටියේ පැවති අවසන් මහා තරඟයේදී යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 10 කින් පරාජය කරමිනි.

 කාසියේ වාසිය දිනූ යුධ හමුදා ක්‍රීඩා සමාජය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත්විය. නිලක්ෂි ද සිල්වා පන්දු 105 කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් රැස්කරමින් යුධ හමුදා ක්‍රිකට් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූවාය.

 ගුවන් හමුදාවේ ඕෂදී රණසිංහ ලකුණු 20කට කඩුලු 3ක් දවාගනිමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරගයේ හොඳම පන්දු යවන්නිය බවට පත්විය. මල්ෂා ෂෙහානි සහ ඉනෝෂි ප්‍රනාන්දු ද පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔවුන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් හමුදා පිලේ සඳුනි අබේවික්‍රම (නොදැවී ලකුණු 31), චමරි පොළගම්පොල (ලකුණු 26) සහ ඕෂදී රණසිංහ (නොදැවී ලකුණු 34) ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

 අවසානයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 3කට ලකුණු 110ක් ලබා සිටියදී ඉනිමේ 38 වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා එල්ල විය. ඉන් අනතුරුව ක්‍රීඩාව නැවත ආරම්භ නොවූ බැවින් DLS ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටි බැවින් තරග තීරකයින් විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය පිරිනමන ලදී.

එහි කැපී පෙනෙන දස්කම් දැක්වීම වෙනුවෙන් සැරයන් ඕෂධී රණසිංහ අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් සභාපති ගෲප් කැප්ටන් සුරේෂ් ජයසිංහ, ලේකම් ගුවන් හමුදා ක්‍රිකට් විංග් කමාන්ඩර් සුරංග හේෂාල්, කළමණාකාර ක්‍රිකට් බලඝන නායක රුවන් සෙනෙවිරත්න, සහකාර ලේකම් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට්, බලඝන නායිකා පියුමි පද්මකුමාර ඇතුලු ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.