අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවය 2023

2023 අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවලිය 2023 දෙසැම්බර් මස 18 සහ 19 යන දිනයන්හිදී කටුනායක කදවුරේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන මහතා සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි ශූරතාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගත් අතර කාන්තා ශූරතාවලියේ ජයග්‍රාහනය කටුනායක ගුවන් හමුදා රෙජිමේන්තු කණ්ඩායම දිනා ගන්නා ලදි. පිරිමි අංශයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තුව සහ කාන්තා අංශයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුර අනුශූරතාවයට හිමිකම් කියන ලදී. පිරිමි මීටර් 18 කේවල ඉසව්වේ රන් පදක්කම කටුනායක ගුවන් හමුදා රෙජිමේන්තුවේ විංග් කමාන්ඩර් කේ.එම්.පී.එස් කුලතුංග විසින්ද, පිරිමි මීටර් 30 කේවල ඉසව්වේ රන් පදක්කම කොළඹ ගුවන් හමුදා කඳවුරේ විංග් කමාන්ඩර් ඩී.කේ කළුආරච්චි විසින්ද, මීටර් 18 සහ මීටර් 30 කාන්තා ඒකල ඉසව්වේ රන් පදක්කම කටුනායක ගුවන් හමුදා රෙජිමේන්තුවේ නායක ගුවන් කාන්තා නිෂ්ෂංක එන්ඒජීඒල් විසින් ද දිනා ගන්නා ලදි.

 

මෙම අවස්ථාවට ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් දේශප්‍රිය සිල්වා, ගුවන් හමුදා දුනු විදීමේ සභාපති ගෲප් කැප්ටන් ප්‍රදීප් පියරත්න, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.