ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ වනව අණදෙන නිළධාරී රාජකාරී භාර ගනියි

ශ්‍රී  ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ අණ වෙනස් කිරීම 2023 දෙසැම්බර් 29 වන දින සිදු විය. සම්ප්‍රදායික රාජකාරී භාරදීමේ සහ භාරගැනීමේ පෙළපාළිය දුම්රිය ස්ථාන පෙළපාලි භූමියේදී පවත්වන ලද අතර, පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒම්ඒඩීඒම්සී මනතුංග නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඒච්ඒඒම්සී හේරත් වෙත රාජකාරී භාර දෙන ලදී.

 නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒම්ඒඩීඒම්සී මනතුංග නිළධාරීතුමන් විස්න් තමා අණදෙන නිළධාරි ලෙස කටයුතු කළ කාලය තුලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් කදවුරේ සිටි සියලුම සේවා සහ සිවිල් පුද්ගලයින් වෙත සිය කෘතඥතාව පළ කළේය.

 නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්එම්සී හේරත් නිළධාරීතුමන් පලාලි කදවුරේ අණදෙන නිළධාරිවරයා  ලෙස පත්වීමට පෙර සීගිරිය ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.