සිව් මහල් නිලධාරින්ගේ විවාහක නිවාස සංකීර්ණය විවෘත කෙරේ

කටුනායක ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද මහල් 04 කින් යුත් නිලධාරී විවාහක නිවාස සංකීර්ණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් 2024 ජනවාරි 05 වන දින උදෑසන විවෘත කරන ලදී.

සමාරම්භක උත්සවයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ආරම්භ විය. නව නිවාසලාභීන් වෙත සංකේතාත්මක යතුරු ප්‍රදානය කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එස්ඩීජීඑම් සිල්වා වෙත යතුරු ප්‍රදානය කිරීම මගින් විවෘත  කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

 මහල් 4 කින් සමන්විත මෙම සංකීර්ණය සෑම මහල් නිවාසයක්ම නිදන කාමර 03 ක්, නාන කාමර 02 ක්, කෑම කාමරය / විසිත්ත කාමර, පැන්ට්‍රිය / මුළුතැන්ගෙය, සේවක නාන කාමරය සහ වෙරන්ඩා වලින් සමන්විත වේ. මෙම සංකීර්ණයට බිම් මට්ටමේ තමන්ගේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ සහ කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එස්ඩීජීඑම් සිල්වා යන මහත්වරුන්ගේ දැඩි අධීක්‍ෂණය යටතේ කටුනායක සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.