ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කවුර සිය 14 වැනි සංවත්සරය සමරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සමාජීය, ආගමික සහ විනෝදාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් 2024 ජනවාරි 5 වන දින සිය 14 වන සංවත්සරය සමරන ලදී.

වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් පී.ජී.වී.සී.පී නන්දසේන නිළධාරීතුමන් විසින් සැමරුම් දින පෙළපාලිය සමාලෝචනය කරන ලද අතර අනතුරුව කදවුරේ සාමාඡිකයින් විසින් විනෝදාත්මක ක්‍රියාකාරකම්  පවත්වන ලදී. සංවත්සර උත්සවයට සමගාමීව පිදුරුතලාගල කදවුර දක්වා කඳුකර මාර්ගයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා පිදුරුතලාගල කඳු මුදුනේ දානමය පිංකමක් සහ පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. අනතුරුව සියලුම සාමාඡිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වා දින සැමරුම අවසන් කරන ලදී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.