ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 ජනවාරි 09 වන දින සිදුකරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් බිඡීඩිපි ජයරත්න නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ඒඒඑස්ඒ ගුණරත්න නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

විංග් කමාන්ඩර් ඒඒඑස්ඒ ගුණරත්න නිළධාරීතුමන් නව අණාදෙන නිළධාරී තනතුර භාරගැනීමට පෙර මීරිගම ගුවන් හමුදා කඳවුරේ J‍ය්-11 රේඩාර් හි මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස සේවය කරන ලදී. නික්ම යන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීජීඩීපී ජයරත්න නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ ජ්‍යෙෂ්ඨ ගුවන් ගමනාගමන පාලන නිලධාරියා ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.