ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ වාර්ෂික සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීමේ පිංකම සහ දානමය පිංකම පවත්වනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිවිපුදූ වීරෝධාර සාමාජිකයින්ට ආශිර්වාද පතා සිදුකරන ලද වාර්ෂික සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීමේ පිංකම 2024 ජනවාරි 09 වන දින රාත්‍රියේ පවත්වන ලද අතර 2024 ජනවාරි 10 වන දින උදෑසන 13 නමක මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ගුවන් හමුදා මොරවැව කඳවුරේදී පවත්වන ලදී. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය නිළධාරීතුමන් ඇතුළු සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙම පින්කමට සහ දානමය පිංකම සදහා සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.