ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අංක 3 සමුද්‍රීය බලඝණය 5වන සංවත්සරය සමරමින් නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අංක 3 සමුද්‍රීය බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරගැනීම සහ භාරදීම 2024 ජනවාරි 11 වන දින සියළුම බලඝණ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එම්සීජේකේ රත්නායක නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩීජීඑන්බී සෙනෙවිරත්න නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.  

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීජීඑන්බී සෙනෙවිරත්න නිළධාරීතුමන් මීට නව තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බුද්ධි අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරන ලදී.

එදිනම, අංක 3 සමුද්‍රීය බලඝණය, ජාතිය වෙනුවෙන් සිය මෙහෙයුම් සේවාවේ 27 වැනි වසර සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ යළි ස්ථාපිත කිරීමෙන් පසු එහි 5 වැනි සංවත්සරය අභිමානයෙන් සමරන ලදී.

දැනට මෙම බලඝණය ඹීච් ඛින්ග් ඇඉර් ඹ්-200 ගුවන් යානා සහ ඩෝනියර් 228 ගුවන් යානා වලින් සමන්විත වන අතර, අංක 3 සමුද්‍රීය බලඝණය සමුද්‍රීය/ගොඩබිම් ගුවන් නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ මෙහෙයුම්, සෙවීම් සහ මුදාගැනීම (Sඇර්‍), මානුෂීය ආධාර සහ ආපදා සහන, සමුද්‍ර දූෂණ අධීක්‍ෂණය සහ පාලනය පියාසර මෙහෙයුම්, සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැක්මට අනුගත වෙමින් මව්බිමේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

5 වන සංවත්සර සැමරුමට සමගාමීව බලඝණය විසින් විද්‍යාපීඨ භූමියේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලද අතර, ත්‍රිකුණාමලය මහ රෝහලේ ලේ දන්දීමේ වැඩසටහනක් සහ ත්‍රිකුණාමලය, සිද්ධත්තාරාම විහාරයේ ශ්‍රී රාහුල දහම් පාසලේ හානියට පත් ඩෙස් පුටු ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇතුළු ප්‍රජා සේවා ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක සිදු කරන ලදී. බලඝණයේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු එහි සේවයේ නියුතු පිරිස් වෙත ආශිර්වාද පතා චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සිට ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනා වැඩසටහනක් ද බලඝණය විසින් සංවිධානය කරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.