11 වන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය සාර්ථකව අවසන් වෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා සමිමාන ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 20 වන දින පවත්වන ලදි.

මෙම තරඟාවලියේදී ගුවන් හමුදාධිපති කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම කි‍්‍රඞ්ක ක‍්‍රීඩිකාවන් තරඟ වැදුනු අතර, දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ගෝල්ෆ් ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිඩකයින් ද තරග වැදීම සිදු විය.  

මෙම තරගාවළිය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා ඇතුලූ දෙස් විදෙස් ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි විය.  

මෙහිදි 2024 ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ පිරිමි ශුරතාවය (විශ‍්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතා විසින් දිනාගත් අතර කාන්තා ශුරතාවය අනූෂා සේනාධීර විසින් දිනා ගන්නා ලදි. තවද මෙම තරඟාවලියේ දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි කුසලානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න විසින් දිනා ගන්නා ලදි.

ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා මෙවරද ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය සපයනු ලැබීය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.