ආරක්‍ෂක සේවා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම් 60 වැනි පිරිමි සහ 25 වැනි කාන්තා ජ්‍යෙෂ්ඨ ජාතික හොකී ශූරතාව - 2023 හිදී විශිෂ්ට දස්කම් දැක්වීය.

2020 ජනවාරි 24 වන දින ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩාංගණය, පාර්ක් පාර, කොළඹ 05 පැවැති 60 වැනි පිරිමි සහ 25 වැනි කාන්තා ජ්‍යෙෂ්ඨ ජාතික හොකී ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ආරක්‍ෂක සේවා පිරිමි හොකී පිල වෙළෙඳ සේවා හොකී සංගම් පිල පරදවා ජයග්‍රහණය කළ අතර ආරක්‍ෂක සේවා කාන්තා හොකී පිල ඒකාබද්ධ ශූරියන් බවට පත්විය.

පිරිමි හොකී කණ්ඩායම් 14ක් සහ කාන්තා හොකී කණ්ඩායම් 6ක් මෙම තරගාවලියේදී තරග වැදුණු අතර, ඉතා උනන්දුවෙන් තරග වැදුණු අවසන් පූර්ව තරගයකදී ආරක්‍ෂක සේවා පිරිමි හොකී කණ්ඩායම විසින් මහනුවර හොකී සංගම් කණ්ඩායම පරාජය කරන ලදී. අවසානයේ අවසන් මහා තරගයේදී වෙළෙඳ සේවා හොකී සංගම් පිල ලකුණු 08-01ක් ලෙස පරාජය කරමින් ආරක්‍ෂක සේවා පිරිමි හොකී පිල ශූරතාවට යිමිකර ගැනිමට සමත් විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති සහ ජාතික ඔලිම්පික් කමිටු සභික උපාලි රාජපක්ෂ මහතා සහභාගි විය. ජයග්‍රාහී ආරක්‍ෂක සේවා පිරිමි හොකී කණ්ඩායමට ගුවන් හමුදා ක්‍රීඩා සාමාඡිකයින් 7 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 දෙනකු ඇතුළත් වූ අතර ජයග්‍රාහී ආරක්‍ෂක සේවා කාන්තා හොකී පිලට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් 8, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 6 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරක් ඇතුළත් විය.


විශේෂ සම්මාන

තරගාවලියේ හොඳම ගෝල රකින්නා (පිරිමි)
කපිතාන් ඩිපිබී තැන්නේ - (ශ්‍රී ලංකා යුධ හමුදාව)

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා (පිරිමි)
කෝප්‍රල් ජයසුන්දර (ශ්‍රී ලංකා යුධ හමුදාව)

තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව (කාන්තා)
නායක ගුවන් කාන්තා වීරබාහු (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.