මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ආරක්ෂක ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ආරක්ෂක ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් මහතා 2024 පෙබරවාරි 09 වන දින උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ලුතිනන් ජෙනරාල් ලතීෆ් මහතා ගුවන් හමුදාධිපතිතුමන් විසින් පිළිගන්නා ලද අතර ගුවන් හමුදා අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හමු වු අතර පසුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ලුතිනන් ජෙනරාල් ලතීෆ් ආරක්ෂක මහතා සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම වැනි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. සුහද සාකච්ඡාවලින් අනතුරුව ගුවන් හමුදාධිපති කාර්යාලයේදී ප්‍රධානීන් දෙදෙනා අතර නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.