කටුනායක ගුවන් හමුදා රෝහලේ පවත්වන ලද NVQ 3 වන මට්ටමේ සත්කාරක පාඨමාලාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිගෙන ඇත

විශ්‍රාම යන ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන් සඳහා ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් පුළුල් කිරීමට සහ ඔවුන් විදේශ රැකියා අවස්ථා සඳහා නිපුණතා වැඩිදියුණු කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් NVQ 3 වන මට්ටමේ සත්කාරක පාඨමාලාවක් කටුනායක ගුවන් හමුදා රෝහලේදී ආරම්භ කරන ලදී. කටුනායක ගුවන් හමුදා රෝහල ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කර ඇත. 2023 මැයි මාසයේදී පළමු සත්කාරක පාඨමාලාව ආරම්භ කරන ලද අතර 3 වන පාඨමාලාව දැනට පවත්වනු ලැබේ.

ඉදිරි පියවරක් ලෙස කටුනායක ගුවන් හමුදා රෝහලේ NVQ 3 මට්ටමේ සත්කාරක පාඨමාලාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) යටතේ පිළිගෙන ලියාපදිංචි කරන ලදී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව 2024 පෙබරවාරි 08 වන දින බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු විය. මෙම අවස්ථාවට ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි සභාපති ඒඒඑම් හිල්මේ මහතා සමඟ සාමාන්‍යාධිකාරී ඩිඩිපි සේනානායක මහතා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.