ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) දින ධාවන තරඟය කොළඹ දී

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) දින ධාවන තරඟය 2024 පෙබරවාරි 18 වන දින කොළඹ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා යුධ හා නාවික හමුදාපතිවරු මෙම තරගයේ පෙරමුණ ගත්හ.කිලෝමීටර 2 කට වැඩි දුරක් ආවරණය කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ දින ධාවන තරඟය සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද සහභාගී විය.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ කරන ලද අතර ලොව පුරා සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරයි. සාමාජික රටවල් 140 කින් සමන්විත ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීම තුලින් ක්‍රීඩා පිටියේදී ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට හැකියාව ඇත.
 
1998 දී ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයෙහි මෙහෙවර ප්‍රකාශයේ පිහිටුවා ඇති දර්ශනයට සහ පරමාදර්ශයන්ට අනුකූලවේ. මෙහි අවසාන ඉලක්කය වන්නේ ක්‍රීඩාව තුළින් සන්නද්ධ හමුදා එක්සත් කරමින් එහි ආදර්ශ පාඨය වන “ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය” සාක්ෂාත් කර ගනිමින් ලෝක සාමයට දායක වීමයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.