ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මගින් අක්ෂි සායනයක් සහ කියවීමේ කණ්නාඩි පරිත්‍යාගය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සුරේෂ් ජයසිංහ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේ අක්ෂි සායනයක් 2024 පෙබරවාරි 21 සංවිධානය කරන ලදී. මෙම සායනයට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලයේ සහය හිමිවිය. මෙම සායනය සදහා සහභාගිවන්නන් 126 ක් සහභාගී විය සමස්තයක් වශයෙන්, කියවීමේ කණ්නාඩි 109 ක් ලබාදිම සිදු කරන ලදී. මීට අමතරව, සේවා නිලධාරීන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ දෙමාපියන් වෙත කියවීමේ කණ්නාඩි 73 ක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් කියවීමේ කණ්නාඩි 200 ක් මෙම වැඩසටහන සදහා ලබා දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.