ගුවන් හමුදා පාපැදි සවාරිය 2024 2 වන අදියර අවසන් කෙරේ

25 වන ගුවන් හමුදා පාපැදි සවාරිය දෙවන අදියර කිලෝමීටර් 137.2 ක දුරක් ගමන් කර 2024 මාර්තු 04 වන දින පොළොන්නරුවේ දී  අවසන් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් නිපුන සොනාල් ද සිල්වා මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ පසිඳු තිසේර හිමිකරගත් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාෂ් සිල්වාට හිමිවිය.

තරගයේ තෙවැනි අදියර 2024 මාර්තු 05 වන දින පෙරවරු 08:30 ට කිලෝමීටර් 125.7 ක දුරක් ආවරණය කරමින් පොළොන්නරුවෙන් ආරම්භ කර ත්‍රිකුණාමලයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.