ඕස්ට්‍රේලියානු සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීමේ නියෝජිත පිරිස සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

ආරක්ෂක උපදේශක, කර්නල් අමන්දා ජොන්ස්ටන්, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් බෲස්ටර් සහ ඇණ්U ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරියෙකු වන කපිතාන් සයිමන් බැට්මන් (විශ්‍රාමික) ඇතුළු ත්‍රිපුද්ගල දූත පිරිසක් ඕස්ට්‍රේලියානු සමුද්‍ර වසම පිළිබඳ දැනුවත් කිරීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හමුවීමට 2024 මාර්තු 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයට පැමිනෙණ ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් සහ සංචාරයට පැමිණි නියෝජිතයින් අතර පැවති වැදගත් කරුනු සමිබන්ධ සාකච්ඡාවේදී, සමුද්‍රීය වසම් දැනුවත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සංවාදයක නිරත විය. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි නියෝජිතයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.