"ගුවන් හමුදා පාපැදි සවාරිය 2024" දී ගුවන් හමුදා කාන්තාවන්ගේ විශිෂ්ඨ දස්කම්

"ගුවන් හමුදා පාපැදි සවාරිය 2024" ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 25 වැනි වරටත් පවත්වන ලදී. පිරිමි තරගය 2024 මාර්තු 03 වන දින සිට 7 වන දින දක්වා අදියර 5 කින් පැවැත්විණි. දිවයිනේ නන් දෙසින් මෙන්ම විදේශයන්හි සිට පැමිණි පාපැදි කරුවන් මෙම තරගයට සහභාගී වූ අතර මුළු දුර කිලෝමීටර් 654ක් ආවරණය කර ඇත. සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ පැතුම් සම්පත් වීරසිංහ සමත් විය. කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා පාපැදි කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර, දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

2024 මාර්තු 07 පැවති මාන්කුලම් සිට යාපනය දක්වා කිලෝමීටර් 98ක දුරක් පැවති කාන්තා තරඟයේදී ශ්‍රී ලංකා නාවික හමුදා පාපැදි ක්‍රීඩිකා ඈන් ෂෙනාලි පෙරේරා ප්‍රථම ස්ථානයට පත් වූ අතර ගුවන් හමුදා පාපැදි ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂි දෙවන ස්ථානයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ මදුමාලි ප්‍රනාන්දු තෙවන ස්ථානයත් හිමිකරගැනීමට සමත්විය. කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම විසින් හිමිකරගන්නා ලදී.

සම්මාන ප්‍රදානෝත්සවය යාපනය මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනය පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය. මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා පාපැදි සම්මේලනයේ සභාපති, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සමස්ත ත්‍රාසජනක උත්සවය සඳහා අත්වැල් බැඳගත් සියලුම අනුග්‍රාහක නියෝජිතයින්, නිල මාධ්‍ය සහකරුවන් ද,  උත්සවයට ද එක්ව සිටියහ.

අවසාන ප්රතිඵල

පිරිමි තරඟය

පිරිමි කණ්ඩායම් ශූරයතාවය - ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම
පිරිමි කණ්ඩායම් අනුශූරතාව - දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා කණ්ඩායම
සමස්ත පිරිමි ප්‍රථම ස්ථානය - පැතුම් සම්පත් වීරසිංහ - ශ්‍රී ලංකා යුද හමුදාව
සමස්ත පිරිමි දෙවන ස්ථානය - ප්‍රභාෂ් සිල්වා - ශ්‍රී ලංකා නාවික හමුදාව
සමස්ත පිරිමි තෙවන ස්ථානය - මනුෂ් නිහාරා - ශ්‍රී ලංකා පොලිසිය
ස්ප්‍රින්ට් ශූරයා – පසිඳු තිසේර - ශ්‍රී ලංකා යුද හමුදාව

කාන්තා තරඟය
කාන්තා කණ්ඩායම් ශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
කාන්තා අනුශූරතාව - ශ්‍රී ලංකා නාවික හමුදාව
සමස්ත කාන්තා ප්‍රථම ස්ථානය - ඈන් ෂෙනාලි - ශ්‍රී ලංකා නාවික හමුදාව
සමස්ත කාන්තා දෙවන ස්ථානය - දිනේෂා දිල්රුක්ෂි - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත කාන්තා තුන්වන ස්ථානය - මදුමාලි ප්‍රනාන්දු - ශ්‍රී ලංකා යුද හමුදාව
ස්ප්‍රින්ට් ශූරිය - ඈන් ෂෙනාලි - ශ්‍රී ලංකා නාවික හමුදාව

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.