රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 11 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (ITW) 2024 මාර්තු 11 වන දින සිය 11 වන සංවත්සරය සමරන ලදී. සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒපීඅයි සම්පත් කුමාර විසින් සමාලෝචනය කරන ලදී.

දශකයක විශිෂ්ට සේවාවක් අගයමින් අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය විසින් ප්‍රජා සේවා වැඩසටහන් රැසක් පවත්වන ලදී. වෙරළාසන්න පරිසරය සුරැකීම සඳහා දර්ශනීය ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වාඩසටහනක් පක්ෂාංගයෙහි සාමාඡිකයින් එක්ව සිදු කරන ලදී.

තවද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සමඟ එක්ව, සමාජීය අවශ්‍යතා සපුරාලීම සඳහා නිරන්තරයෙන් පරිත්‍යාග කිරීමට පුද්ගලයින් දිරිමත් කරමින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී. මීට අමතරව, රත්මලාන ඓතිහාසික මල්ලිකාරාම විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි. ඒ සඳහා තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් සහභාගී විය. තවද, සාමාඡිකයින් අතර සුහදත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම සඳහා, පක්ෂාංග කාර්ය මණ්ඩලය විසින් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ, එයාර් කොමදෝරු ඒ හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු, ගෲප් කැප්ටන් කේ.ආර්.පී ඒකනායක සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ඒ.වී.ඡයසේකර යන නිලධාරීන් සහභාගීවන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.