ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අ/කටුකලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ පහසුකම් වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර මගින් 'ගුවන් මිතුදම්' ප්‍රජා සේවා ව්‍යාපෘතිය 2024 මාර්තු 14 වන දින, අ/කටුකලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේදී සාර්ථකව අවසන් කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. ප්‍රතිසංස්කරණය කරන ලද වැසිකිලි සංකීර්ණය ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අ/කටුකලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත භාරදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු අමිත ජයමහ මහතාගේ අධීක්‍ෂණය යටතේ කඳවුරු සේවා වනිතා ඒකකය භාර නිළධාරි විංග් කමාන්ඩර් සී.සී.මානික්ගමආරච්චි නිළධාරීතුමන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.
 
මෙම උත්සවය සඳහා නිලධාරීන්, සෙසු නිලයින් සහ නියෝජිතයින් මෙන්ම විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.