අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාව 2024

අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාවලිය 2024 මාර්තු 20 සහ 21 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 මාර්තු 23 වන දින කටුනායක රෝහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඵ්Sණ් ප්‍රනාන්දු මහතා සහභාගී විය.

පිරිමි ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුරේ 26 රෙජිමේන්තු පක්‍ෂාංගය විසින් දිනා ගන්නා ලද අතර කාන්තා ශූරතාව ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.

අවසන් මහා තරගය සහ සම්මාන උළෙල නැරඹීමට ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ.සී.ගීතප්‍රිය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එස්.ඩී.ජී.එම් සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ඩබ්.ඒ.එස්.බී වීරසේකර, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.