ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මාර්තු 27 වන දින ගුවන් හමුදා පලාලි කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.

ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද හේරත් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය පිළිගැනීමෙන් අනතුරුව ගෞරව සම්මාන මුරයක් ද පිරිනමන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, ගුවන් ගමනාගමන පාලන කුළුණ, අංක 22 රෙජිමේන්තු පක්ෂාංගය සහ කඳවුරේ සුබසාධන පහසුකම් ඇතුළු සියලුම ස්ථාන පරීක්ෂා කරන ලදී. තවද, ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් භට භෝඡනාගාරයෙහි පැවති සියලුම නිලයන් සඳහා වූ දිවා ආහාරය සඳහා නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ එක් විය.

පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිළයන් සහ සිවිල් සේවක සේවිකාවන් අමතමින්, කඳවුර සුවිශේෂී ලෙස උසස් ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාමට ඔවුන් දැක්වූ දායකත්වයට සහ යාපනයේ පැවති 'ඇඉර් ඨට්ටූ 2024' අධ්‍යාපනික හා තාක්‍ෂණික  ප්‍රදර්ශනය සාර්ථකත්වය සඳහා ඔවුන් විසින් ඉටු කරන ලද ප්‍රධාන කාර්යභාරය පිළිබඳව දැඩි කෘතඥතාව පළ කළේය. .

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.