ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මාර්තු 28 වන දින ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂාව සිදු කරන ලදී.

අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එම්.පී.එස් මාරප්පෙරුම විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, එහිදී ගුවන් හමුදාධිපතිතුමන් වෙත මාර්ගපෙළ ඛන්ඩ උත්තමාචාරයක් පිරිනමන ලදී.

පරීක්‍ෂණය අතරතුරදී, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, ක්‍රීඩා අංශය, ගුවන් ආරක්ෂක අවි පුහුණු පාසල, ගුවන් භට නිවස්න ප්‍රදේශය, උපකරණ අංශය, ගුවන් භට භොඡනාගාරය, අංක 36 වන රෙඡිමේන්තු පක්ෂාංගය,කනිෂ්ඨ අනනොලත් නිලධාරීන්ගේ සමාඡ ශාලාව යන ස්ථාන නිරීක්ෂණය කරන ලදී. නව ආපනශාලාව ගුවන් හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් අණදෙන නිලධාරීතුමන් විසින් විවෘත කරන ලදී. පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමා විසින් විශේෂයෙන් කඳවුරට සහ පොදුවේ ගුවන් හමුදාවට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පහත සඳහන් ගුවන් භටයා වෙත ප්‍රශංසා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

කෝප්‍රල් දිසානායක ඩීසීවී - ගුවන් යානා පෑස්සුම්කරු

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම සේවා පුද්ගලයින් ඇමතූ අතර, ඔවුන් ජාතියට සහ ගුවන් හමුදාවට කැපවී කරන ලද සේවයට ස්තූතිය පුද කළ අතර, ප්‍රමිතීන් ඉහළම මට්ටමින් පවත්වාගෙන යාමට ඔවුන් දිරිමත් කළේය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.