ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර අධ්‍යාපන යටිතල පහසුකම් වැඩි දියුණු කරයි

"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව, උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් පාසල් 73 ක යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලපිරීමක් සිදුකර ඇත. මෙම ප්‍රයත්නයේ කොටසක් ලෙස ගුවන් හමුදා මඩකලපුව කඳවුර ආශ්‍රිත ප්‍රෙද්ෂයේ අඩු වරප්‍රසාද ලත් පාසල් හතක් ප්‍රතිසංස්කරණය කිරීමට දායක වී ඇත.ඒ අනුව මඩකලපුව බිටි/බීඩබ්ලිව්/කන්නන්කුඩා මහා විද්‍යාලය උත්සවාකාරයෙන් භාරදීම සහ විවෘත කිරීමේ උත්සවය 2024 අප්‍රේල් 02 දින සිදු විය.

ප්‍රතිසංස්කරණය කරන ලද සහ වර්ණ ගන්වන ලද ගොඩනැගිලි විවෘත කිරීමත් සමඟ මෙම උත්සවය ආරම්භ වූ අතර අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් ද සිදුකරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සරත් බණ්ඩාර සහභාගී වු අතර, මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මඩකලපුව කන්නන්කුඩා මහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ සිසුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.