ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගිරිය කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂාවට ලක් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂාව සිදු කරන ලදී.

අණදෙන නිළධාරී ගෲප් කැප්න්ටන් එස්.වී ප්‍රේමවර්ධන නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර එහිදී මාර්ගපෙළ ඛන්ඩ උත්තමාචාරයක්ද පිරිනමන ලදී. ගුවන් හමුදාධිපතිතුමා විසින් පහත සඳහන් ගුවන් භටයා වෙත විශේෂයෙන් ගුවන් හමුදා කඳවුරට සහ පොදුවේ ගුවන් හමුදාවට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ප්‍රශංසා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

කෝප්‍රල් කහගල්ල  - මෙහෙයුම් භූමි III

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, උපකරණ අංශය, මැහුම් අංශය, පොලිස් අංශය,සත්කාරක කළමනාකරණ පාසල, ගුවන් කාන්තා නිවස්නය, කනිෂ්ඨ අනනොලත් නිළධාරීන්ගේ සමාඡ ශාලාව, ඇතුළු කදවුරේ සියළුම ස්ථාන පරික්ෂාවට ලක් කරන ලදී.

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම සේවා පුද්ගලයින් ඇමතූ අතර, ජාතියට සහ ගුවන් හමුදාවට ඔවුන් කළ කැපවූ සේවයට ස්තූතිය පුද කළ අතර, ප්‍රමිතීන් ඉහළම මට්ටමින් පවත්වාගෙන යාමට ඔවුන් දිරිමත් කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.