ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය - 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව පවත්වනු ලබන කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය -2024 (Colombo Air Show & Defence Exhibition -2024) 2024 මැයි මස 29 වන දින සිට 2024 ජුනි මස 02 වන දින දක්වා කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජාතියේ අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා විවිධ රාජ්‍ය ආයතන සහ සංවිධානවල ඒකාබද්ධ ප්‍රයත්නයන් ප්‍රදර්ශනය කිරීම හා සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින් ජාතික සමගිය සහ සංහිඳියාව පෝෂණය කිරීම සඳහා දායක වීම කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය පැවැත්විමේ මූලික අරමුණයි.

ගුවන් බලය ප්‍රදර්ශනය කිරීම සහ ගුවන් රාඡ්‍යත්‍රාන්තිකත්වය (Air diplomacy), සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂක කර්මාන්ත ප්‍රවර්ධනය, තාක්ෂණය සහ නවෝත්පාදනය, ගුවන් හමුදාවේ ප්‍රතිරූපය සහ අභිමානය වැඩි දියුණු කිරීම, නවකයන් සඳහා අවස්ථා ලබා දීම වැනි විශේෂ කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් මෙම කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය පවත්වනු ලබයි.

තවද, කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය -2024  සදහා දේශීය හා ජාත්‍යන්තර ගුවන් සංදර්ශන, පැරශූට් සංදර්ශන, දේශීය සහ විදේශීය ආරක්ෂක කර්මාන්ත ප්‍රදර්ශන, දැනුම බෙදාගැනීමේ අවස්ථා, ප්‍රවර්ධන කුටි මෙන්ම සංගීත සැනකෙලි, ත්‍රාසජනක සවාරි, ජල ක්‍රීඩා, DJ සහ ඩිස්කෝ සංගීත වැනි විනෝදාස්වාද අංග සහ ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය, විලාසිතා සංදර්ශන සහ ප්‍රසංග, ඩ්‍රෝන් සංදර්ශන සහ ලේසර් සංදර්ශන අතුළු වැඩසටහන් රැසක් නැරඹීමට අවස්ථාව සලසාදිමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.