ගුවන් හමුදාධිපතිතුමන් ඇමරිකානු එක්සත් ජනපද ඇලබාමා ඡාත්‍යන්තර ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක් වෙයි

ඇමරිකානු එක්සත් ඡනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ,මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කොට ඇති ඡාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනය(International Honour Roll) සදහා එම විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ   නිලධාරීන්ගේ නම් ගෞරව නාම ලේඛනය සදහා ඇතුළත් කිරී‌‌මේ   උත්සවය 2024 අප්‍රේල් 19 වන දින ඒම කඳවුරේදී පවත්වන ලදී.  මෙම අවස්ථාවට ජාත්‍යන්තර ආදි සිසුන් 21 දෙනෙකු ගෞරවනීය  නාම ලේඛනයට(International Honour Roll) ඇතුළත් කිරීමට සුදුසුකම් ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා ද එම ගෞරව නාම ලේඛනයට ඇතුලත්වීම විශේෂ කරුණකි.

ඡාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනයට(International Honour Roll)නම ඇතුලත් කිරීම  සිදුවනුයේ එම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඉහලම හමුදා හෝ  ප්‍රමුඛ සිවිල් තනතුරු  වල සේවය කරන විදේශීය නිලධාරීන් හා ඡේෂ්ඨ අධිකාරී නොලත්   නිලධාරීන් හටය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.