චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගුවන් හමුදා ක්‍රියාකාරී කණ්ඩායමක් ගුවන් හමුදාධිපත්තුමන් හමුවෙයි

සහකාර මාණ්ඩලික ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කර්නල් වැන්ග් ෂියාඩොං මහතා ප්‍රමුඛ චීනයේ මහජන විමුක්ති හමුදා ගුවන් හමුදා ක්‍රියාකාරී කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිත පිරිසක් 2024 අප්‍රේල් 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

මෙම හමුවේදී දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විවිධ කරුණු සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක නිරත විය. සාකච්ඡාවෙන් අනතුරුව මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

අනතුරුව, ගුවන් හමුදාධිපති, මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් සහ 2024 කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්‍රදර්ශනයේ CADE 2024 ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ  CADE 2024 අඛණ්ඩ සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, එහි කාර්යක්ෂමතාව සහ සහජීවනය වැඩි දියුණු කිරීමේ අරමුණ පිළිබද සුහද සාකච්ඡාවක නිරිත විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.