ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර විසින් වට්ටප්පලෙයි මහා විද්‍යාලයනවීකරණය කරයි

"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 73 ක් පිරීම නිමිත්තෙන්  යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත. උතුරු සහ නැඟෙනහිර ප්‍රෙද්ශවල ඇති තෝරාගත් පාසල් 73 ක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම ප්‍රයත්නයට සමගාමීව, මුලතිව් ගුවන් හමුදා කඳවුර යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලද වට්ටප්පලෙයි මහා විද්‍යාලය උත්සවාකාරයෙන් පවරාදීම සහ විවෘත කිරීමේ උත්සවය 2024 අප්‍රේල් 30 වන දින සිදු කරන ලදී.

නව පානීය ජල සැපයුම විවෘත කිරීමත් සමඟ උත්සවය ආරම්භ විය. නවීකරණය කරන ලද සහ අළුතින් වර්ණ ගන්වන ලද වැසිකිලි සංකීර්ණය සහ ක්‍රීඩා පිටි ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ප්‍රදානය කෙරිණි. වැඩබලන අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් උපුල් ධර්මසිරි නිළධාරීතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ගුවන් හමුදා මුලතිව් කදවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී විය. මෙහි එක් අංගයක් ලෙස ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පාසල් ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ වට්ටප්පලෙයි මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.