ශ්‍රී ලංකා ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවන් ඡායාරූප ශිල්පීන් සමඟ එක්ව ගුවන් ඡායාරූප පවත්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් "Extreme Photography"යන මාතෘකාව යටතේ වෘත්තීය ඡායාරූප ශිල්පීන් සඳහා වැඩමුළුවක් පවත්වන ලද අතර එය බ්‍රිතාන්‍ය ගුවන් සේවා පර්යේෂණ කණ්ඩායමේ කීර්තිමත් ගුවන් ඡායාරූප ශිල්පියෙකු වන පීටර් ෆොස්ටර් මහතා සමඟ දැනුම බෙදා ගැනීමේ සැසියක් ලෙස 2024 මැයි 10 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.  ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර පීටර් ෆොස්ටර් මහතා  ගුවන් ඡායාරූපකරණය පිළිබඳ සිය අමිල අත්දැකීම් වෘත්තීය ඡායාරූප ශිල්පීන් සමග බෙදාහදා ගන්නා ලදී.

තවද, ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති ශාන්ත ගුණරත්න මහතාද මෙම වැඩසටහන වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. මෙම වැඩමුළුවට වෘත්තීය ඡායාරූප ශිල්පීන් 50කට අධික පිරිසක් සහභාගි වූහ.

"Extreme Photography" වැඩමුළුවතක්



Visit of Air Force Establishments

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.