62 වන නිදහස් සමරුව වෙනුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුරෙන් සමාජ සේවා රැසක් ....

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වර්ෂ 62ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා සියලු ජාතීන් ලැබූ නිදහස උත්සවශ්‍රීයෙන් සමරන ලදී.කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ඒකීය ශ්‍රී ලංකාවක 62වන නිදහස් උත්සවය කටුනායක ගුවන් හමුදා කදවුරද මහත් අභිමානයෙන් සමරන ලදී.

කදවුරු  අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සී ආර් ගුරුසිංහ  නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ කදවුරේ සියලුම පක්ෂාංගවල අණදෙන නිළධාරිතුමන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ සමාජ සුභසාඩන කටයුතිඋ රැසක් ඉටුකරමින් නිදහස්  උත්සවය අර්ථවත් කරන ලදී.

මේ අතර සේවා පුද්ගලයින්ගේ සහ ගුවන් හමුදා සිවිල් පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක්,මීගමුව  රජයේ රෝහලේ අබලන් වූ ඇදන් වාට්ටු අළුත්වෙඩියා කිරීම,ප්‍රදේශයේ ආගමික ස්ථාන වල ශ්‍රමදාන කටයුතු, රාගම රජයේ රෝහලේ ඇදන් සහ කබඩ් අලුත්වැඩියා කර දීම,කුරණ සහ දුනුගහ පිහිටි වැඩිහිටි නිවාසයන්හී ශ්‍රමදාන කටයුතු සහ වැඩිහිටියන් වෙනුවෙන්  ෛවද්‍ය සායනයක් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.