අන්තර් ඒකක වොලිබෝල් සහ බීච් වොලිබෝල් ශූරතා - 2024

අන්තර් ඒකක වොලිබෝල් සහ බීච් වොලිබෝල් ශූරතාවලිය 2024 මැයි 02 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වුණු අතර අවසන් මහා තරග 2024 මැයි 14 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එස්.එම්.එස්.පී කොස්වත්ත මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අවසන් මහා තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධානත්වයෙන් සහභාගි විය.

අන්තර් ඒකක බීච් වොලිබෝල් පිරිමි ශූරතාව අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් හිමිකරගන්නා ලද අතර කාන්තා ශූරතාව ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් හිමිකර ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශවල අනුශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. තවද, අන්තර් ඒකක ගෘහස්ථ වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩවල ශූරතාව ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව, පිරිමි අංශයේ අනුශූරතාවය ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරට සහ කාන්තා අංශයේ  ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කඳවුරට හිමි විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා වොලිබෝල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පීඑන් ද කොස්තා, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එස්ඩීජීඑම් සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ඩබ්.ඒ.එස්.බී.වීරසේකර ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.