අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාව - 2024

අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් ශූරතාවලිය 2024 මැයි 13 වන දින සිට 2024 මැයි 16 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ශූරතාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය 2024 මැයි 16 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී කායවර්ධන අංගනයේදී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න නිළධාරිතුමන් සහභාගී විය.

ගුවන් හමුදා කටුනායක කඳවුරේ රෙජිමේන්තු අංශය ශූරතාවය හිමිකරගත් අතර ගුවන් හමුදා කටුනායක කඳවුරේ තාක්ෂණික අංශය  අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු අංශයෙන් නායක ගුවන් භට කුලසිංහ එම්ඩීඑන් සහ ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ්ලිව්එම්එස්එච් පිළිවෙළින් බිලියඩ් විවෘත පිරිමි සහ කාන්තා ඉසව්වල ශූරතාව දිනා ගන්නා ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී, ක්‍රීඩා අධ්‍යක්ෂ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.