ගුවන් හමුදා බොක්සිං කණ්ඩායම 2024 නවකයන්ගේ බොක්සිං තරගාවලියේදී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 2024 නවක බොක්සිං තරඟාවලිය 2024 මැයි මස 12 වන දින සිට 2024 මැයි මස 16 වන දින දක්වා කොළඹ 07 රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නවක බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩකයින් 9 දෙනෙකු සහභාගී විය. එහිදී, ගුවන් හමුදා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරන ලද අතර, හොඳම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ගුවන් කාන්තා ඉමේෂා එම්ඩබ්ලිව්ඒඑස් පිදුම් ලබන ලදි.

ප්‍රතිඵල සාරාංශය
                                                                                                                                       
පිරිමි අංශය
කෝප්‍රල් චන්ද්‍රපාල බී.එම්.එම් (කිලෝග්‍රෑම් 57 ට අඩු) - රිදී පදක්කම
කෝප්‍රල් බණ්ඩාර කේඑම්එස් (කිලෝග්‍රෑම් 63.5 ට අඩු) - ලෝකඩ පදක්කම

කාන්තා අංශය

නායක ගුවන් කාන්තා ඒකනායක ඊඑම්කේඑච් (කිලෝග්‍රෑම් 54 ට අඩු) - රන් පදක්කම
නායක ගුවන් කාන්තා දිසානායක ඩීඑම්කේටී (කිලෝග්‍රෑම් 52 ට අඩු) - රන් පදක්කම
ගුවන් කාන්තා ප්‍රේමසිරි ඒජීඑච්ඩී (කිලෝග්‍රෑම් 48 ට අඩු) - රන් පදක්කම
ගුවන් කාන්තා ඉමේෂා එම්ඩබ්ලිව්ඒඑස් (කිලෝග්‍රෑම් 50 ට අඩු) - රිදී පදක්කම
ගුවන් කාන්තා හිමාෂා එච්එච්ආර් (කිලෝග්‍රෑම් 50 ට අඩු) - ලෝකඩ පදක්කම

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.