අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 5 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්‍ෂාංගය සිය 5 වැනි සංවත්සරය 2024 මැයි 17 වන දින සැමරුම් උත්සව මාලාවක් සමඟින් සමරන ලදී. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භ වූ අතර, එය අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් ජී.ඩී.අයි.සංජීව නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී.

සැමරුම් උත්සවයට සමගාමීව, පාක්ෂාංගයට සහ එහි සාමාඡිකයින්ට ආශිර්වාද පතා පක්‍ෂාංග පරිශ්‍රයේ පිරිත් සජ්ඣායනයක් ද පවත්වන ලදී. තවද, තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ නිලධාරීන්ගේ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් කොටුගොඩ ශ්‍රී වාලුකාරාමය බෞද්ධ විහාරස්ථානයේ පිරිසිදු කිරීමේ  ශ්‍රමදාන ව්‍වැඩසටහනක්ද පවත්වන ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.