ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂාව සිදුකරනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මැයි 17 ගුවන් හමුදා මඩකලපුව කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂාව සිදු කරන ලදී.

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ.එච්.එම්.එස්.බණ්ඩාර නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, එහිදී ගුවන් හමුදාධිපතිතුමන් වෙත මාර්ගපෙළ ඛන්ඩ සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, සුබසාධක සාප්පු සංකීර්ණය, පෙර පාසල, නිලධාරීන්ගේ නිවාඩු නිකේතනය, ගුවන් භට සමාජ සමාජය, අවි ගබඩාව, ගුවන් ගමනාගමන පාලන කුළුණ, ගිනි නිවන අංශය, උපකරණ අංශය, බළලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ගේ නිවස්නය සහ අංක 29 රෙජිමේන්තු පක්ෂාංගය අතුළු කදවුරේ සියළුම ස්ථාන පරික්ෂාවට ලක්කරන ලදී. පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමා විසින් විශේෂයෙන් ගුවන් හමුදා කඳවුරට සහ පොදුවේ ගුවන් හමුදාවට දක්වන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පහත සඳහන් ගුවන් භටයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

නායක ගුවන් භට මයුරන් එන් - ඉදිකිරීම් කාර්මික III
නායක ගුවන් භට කරුණාදාසන් ඩී - දැව කාර්මික ශිල්පි III

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සිටි සියලුම සේවා පුද්ගලයින් අමතා, ජාතියට සහ ගුවන් හමුදාවට ඔවුන් විසින් කරන ලද කැපවූ සේවාව අගය කරන ලද අතර. තවද, ප්‍රමිතීන් ඉහළම මට්ටමින් පවත්වාගෙන යාමට ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම සේවා සහ සිවිල් පුද්ගලයින් දිරිමත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.