ගුවන් හමුදාධිපතිතුමන් විසින් පුහුණු සමාලෝචන වැඩමුළුවක් පවත්වයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මැයි මස 18 වන දින ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේදී පුහුණු සමාලෝචන වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුව සදහා  අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් භූමි, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරි, අධ්‍යක්ෂ පර්යේෂණ හා සංවර්ධන, අධ්‍යක්ෂ වෘත්තීය පුහුණු, ප්‍රධාන බඳවා ගැනීමේ නිලධාරි පුහුණු ආයතන ප්‍රධානීන් ඇතුළු ගුවන් හමුදා පුහුණුව සඳහා වගකිව යුතු අනෙකුත් පාර්ශවකරුවන් සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ පවතින විවිධ පුහුණු වැඩසටහන්වල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය ඇගයීම මෙම වැඩසටහනේ  මූලික අරමුණයි. ඒමෙන්ම, කැඩෙට් නිලධාරීන්, ආදුනික ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ සිට සමස්ත පුහුණු ක්‍රියාවලියම  සාකච්ඡාවේදී ආවරණය කරන ලදී. ඒහිදී, ගුවන් හමුදාවේ වත්මන් මෙහෙයුම් අවශ්‍යතා සහ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික වෙමින් මූලික ගොඩබිම් සටන් පුහුණුව, තාක්ෂණික පුහුණුව සහ විශේෂිත පුහුණුවීම්වල ප්‍රගතිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියුම්ව පරීක්ෂා කරන ලදී.

මෙම සමුළුවේදී අලුතින් හඳුන්වා දුන් පුහුණු කළමනාකරණ පද්ධතිය (TMS)කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. විශේෂිත පුහුණු අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් අනුරුද්ධ විජේසිරිවර්ධන මහතා විසින් මෙම නව්‍ය ක්‍රමය පිළිබඳව ගැඹුරු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. මෙම ක්‍රමය මඟින් පුහුණු බෙදාහැරීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාවය ඉහළ නැංවීම, ක්‍රියාවලි විධිමත් කිරීම සහ වඩා හොඳ සම්පත් කළමනාකරණයට පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.