චීනයේ ප්‍රධාන ආරක්ෂක භාණ්ඩ සැපයුම්කරුවන් පිරිසක් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

චීනයේ ප්‍රධාන ආරක්ෂක භාණ්ඩ සැපයුම්කරු වන නොරින්කෝ සමාගම සහ NORINCO Company, Diesel & Hydraulic Engineering පුදුගලික සමාගමෙහි දේශීය නියෝජිතයින් පස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් 2024 මැයි 21 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හමුවිය. දූත පිරිසේ ප්‍රධානත්වය දරනු ලැබුවේ හමුදා වෙළඳ කටයුතු පිළිබඳ ඉහළ මට්ටමේ නිළධාරීලත් ලුඕ ෂියැන්ග්ඩොං මහතා විසිනි.

ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ගුවන් හමුදාව තුළ ඇති විය හැකි අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. දෙපාර්ශවය අතර පැවති සුහද සාකච්ජාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.