කටුනායක ගුවන් හමුදා කඳවුරට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සාමිඡිකයින් විසින් ක්ෂේත්‍ර චාරිකාවක නිරිතවන ලදී

ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තිකයන්ගේ ප්‍රමුඛතම සහ ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) විදුලි, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශ කමිටුවේ (EETESC) 19 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් 2024 මැයි මස 21 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික ක්ෂේත්‍ර චාරිකා කාලසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉංජිනේරු පක්ෂාංගයන්හි ක්ෂේත්‍ර චාරිකාවක  නිරත විය.

මෙම ක්ෂේත්‍ර චාරිකාවේදී නියෝජිත පිරිස ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය, ගුවන් යානා ප්‍රතිසංස්කරණ පක්ෂාංගය, ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගය සහ රේඩාර් නඩත්තු අංශයන්හි චාරිකාවේ නිරත වන ලද අතර,  මෙම සෑම ස්ථානයකම පැමිණි නියෝජිත පිරිස නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ දැනුම බෙදාගැනීම කැපී පෙනෙන කාරණයක් විය.

මෙම සංචාරය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්ට ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම, දැනුම හුවමාරු කර ගැනීම සහ අදාළ ඉංජිනේරු ක්ෂේත්‍රවල සහයෝගීතාවයන් ඇති කර ගැනීම සඳහා ගුවන් හමුදාවේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.