ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද “වෙසක් බැති ගී සරණිය”

සමිබුදු තෙමගුල සිහිකරමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද වෙසක් බැති ගී සරණිය කොළඔ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි 2024 මැයි මස 22 වන දින  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

තිස්සමහාරාමේ සුමනදම්ම හිමිපාණන් විසින් සිදු කරන ලද “කාව්‍ය ධර්මදේශනා” සැසියකින් උත්සවය ආරම්භ වූ අතර ඉන් අනතුරුව නායක ගුවන් කාන්තා අංජලී හේරත් විසින් ඉදිරිපත් කරන ලද “නරසීහ ගාථා” ගායනය කරන ලද අතර චරිතා ප්‍රියදර්ශනී පිරිස් දයාන් විතාරන සනුක වික්‍රමසිංහ  ඇතලු දිවයිනේ ජනප්‍රිය ගායක ගායිවන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහිදි බැති ගි ගායනා ඉදිරිපත් කරන ලදි . මීට අමතරව ආරාධිත ළමයෙකු වන හය හැවිරිදි ඔෂානි සංජනා දියනිය ද මෙම අවස්ථාවේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළාය. ඇය පොලොන්නරුව “පරාක්‍රම සමුද්‍රය විද්‍යාලයේ” ශිෂ්‍යාවකි පාසලේ පවත්වන ලද “ගුවන් මිතුදම්” ව්‍යාපෘතියකදී ප්‍රදර්ශනය කළ අසමසම ගායන සහ ප්‍රසංග ප්‍රතිභාවද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මැතිණිය, ගුවන් හමුදා මණ්ඩලික ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරින්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සහභාගි විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.