එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදා රාජකාරියට අනියුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය හදිසි මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කරයි

පසුගියදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රෆායි ප්‍රදේශයේදී වාහන අනතුරකට ලක්වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් තිදෙනෙකු සුරක්ෂිතව ඉතා කඩිනමින් ගුවනින් රෝහල වෙත ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදා රාජකාරියට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය වෙත හැකි වී ඇත.

මෙම මුදවා ගැනීමේ මෙහෙයුම එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදා රාජකාරියට අනියුක්ත කර ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mඉ-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්  යොදා ගනිමින් සිදුකර ඇත. එමෙන්ම, මෙහෙයුම සදහා නායකත්වය විංග් කමාන්ඩර් නදුන් දෙනෙත්ති විසින් ලබා දෙන ලද අතර සහය නියමුවා ලෙස ෆ්ලයිටි ලෙෆ්ටිනන් දිනුක ගුණසිංහ කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීට පෙර විවිධ අවස්ථාවන් වලදීද මෙවැනි ක්‍රියාකාරකම් සදහා සෘජු දායකත්වය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම ක්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදා කාර්‍යාලය විසින් පැසසුමට ලක්කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.