ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය පාසල් සිසුන්ගේ අවශ්‍යතා සඳහා උපකාර කරයි

මෙම උත්සවයට සදහා ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයූ Suntecbios සමාගමේ සභාපති Hideaki Goto මහතා සහ Global සමාගමේ සභාපති Syogetsu Kin මහත්මිය ඇතුළු ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නියෝජිතයින් සහභාගි වීම කැපී පෙනුණු අතර මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉදිකිරීම් ඉංජිනේරු පක්‍ෂාංගයේ  ශ්‍රම සහය ඇතිව සිදු කරන ලදී. තවද, විවෘත කිරීමේ උත්සවයේදී සුදුසුකම් ලත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පහක් ප්‍රදානය කරන ලද අතර අත්‍යවශ්‍ය පාසල් උපකරණද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් විරංග ප්‍රේමවර්ධන, ජපාන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති වෛද්‍ය එරංගා හසන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු සීගිරිය කදවුරේ නිලධාරීන් සහ සාමාජිකයින් මෙන්ම තල්කොටේ ප්‍රාථමික විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ළමුන් ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.